2018 Medin Fullmoon Poya Day R...

2018 Medin Fullmoon Poya Day Religious Programme

මැදින් පුන් පොහෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2018-03-01)

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 මැදින් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2018-03-01 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ශීල සමාදානය ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව පූජා කරන ලදී.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව පූජ්ය ගෞරව ශ්රාස්ත්රවේදී ශ්රාස්ත්රපති කරම්බන්කුලමේ සිරිධර්ම හිමි විසින් දේශනා කරන ලදී. ධර්ම දේශනාවේ මාතෘකාව ලෙස “මජ්ඣිම නිකායේ වත්ථූපම සූත්රය” ඇසුරින් ඉතා හරවත් දේශනයක් පවත්වන කරන ලදී.

 

අනතුරුව ගිහි දේශනාව වාරියපොළ ශ්රී සුමංගල මහ පිරිවෙනේ ආචාර්ය ශ්රාස්ත්රපති ඊ.එම්. ධර්මවර්ධන මැතිතුමා විසින් සිදු කරන ලදී. මෙහිදී “බුද්ධ චරිතයෙන් ප්රකට කෙරෙන අර්ථ චර්යාව” පිළිබඳව සාකච්ඡා කරන ලදී.

පෙරවරු 10.30 ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00 සිට දහවල් 12.00 දක්වා උපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භානක පූජ්ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදී.

අපරභාගයේ ධර්ම දේශනාව දහවල් 1.00 ට අනුරාධපුර බුද්ධශාවක භික්ෂු විශ්ව විද්යාලයේ කථිකාචාර්ය ශ්රාස්ත්රපති පූජ්ය විල්ගමුවේ පියනන්ද හිමි විසින් පවත්වන ලදී. එහි මාතෘකාව ලෙස “ධම්මපදයේ සුඛ වග්ගයේ 208 වන ගාථාව වන
“ධීරඤච පඤ්ඤංච බහුසසුතංච”
යොදාගනිමින් ඉතා සාරවත් ධර්ම දේශනාවක් පවත්වන ලදී.
එහි අන්තර්ගතය සැකෙවින්,
“ධෛර්ය ඇත්තාද, ප්රඥාව ඇත්තාද. ඇසූ පිරූ තැන් ඇත්තාද, පිළිවෙත් දුර උසුලන සුළු තැනැත්තාද, ආර්ය පුද්ගලයන්ද, යන මනා නුවනැති සත් පුරුෂයකුම අහස සෙවුනා සද මෙන් සේවනය කරන්නේය.”

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, කරණීයමෙත්ත සූත්රයේ ඉගැන්වෙන සක්යාතා ලක්ෂණ මාතෘකා කරගනිමින් පූජ්ය දාපනේ චන්ද්රරතන හිමි ප්රධාන ශාස්ත්රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා සහ ශාස්ත්රපති වඩුගේ කරුණාරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන ශාස්ත්රවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.

පස්වරු 5.00 ට ශාස්ත්රවේදී පූජ්ය කෙහෙල්වල රේවත හිමි විසින් බෝධි පූජාව සහ සිල් පවාරනය සිදු කිරීම මගින් නවම් පුර පොහෝ දින දාන ශීල භාවනා වැඩසටහනේ සම්ප්රාප්තිය සනිටුහන් කරන ලදි.

මෙම පෝ දින ආගමික වැඩසටහන ශාස්ත්රපති සම්පත් රුවන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදී.

උවැසි උවැසියන් සඳහා උදෑසන හීල් දානය පාදෙණියේ මඩාටුව පදිංචි පී එම් ජේ බී තෙන්නකෝන් වෙද මහතා ඇතුළු සිය පවුල විසින් පිරිනමන ලදී.

දහවල් දානය වැල්ලවත්තේ සුවසහන සංසදයේ චිත්රා මංගලිකා දොම්පේ මහත්මිය සහ සිය පවුල විසින් පිරිනමන ලදී.

මෙම දානමය පුණ්ය කර්මය සඳහා දායක වූ සැමටත්, ගිලන්පස පිලියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්යානුමෝදනා කරමි.

මැදින් පුර පෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පූජ්ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්රධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී. මෙම කර්තව්යය සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාට ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ප්රාර්ථනා කරමි.!

මොරගොල්ලාගම සිරිරතන හිමි
මැදින් පොහෝ දින පොහොය වැඩසටහනේ සම්බන්ධීකාරක
(Ven. Moragollagama Siriratana Thero)