Program of the 2018 Adhi Poson...

Program of the 2018 Adhi Poson Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 අධි පොසොන් පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2018-05-29

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00ධර්ම දේශනාව - 01
මාතෘකාව : “පංචස්කන්ධය හා සලායතන ධර්ම ”

දේශකයානෝ : පුජ්‍ය මැද මහනුවර ධම්මසිරි හිමි.
මල්වතු මහා විහාර වාසී පුරා විද්‍යා විශේෂවේදී
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
පෙ.ව. 09.15ගිහි දේශනය
මාතෘකාව : බුද්ධාගම සහ සැබෑ බෞද්ධයා

දේශක : දහම් සරසවියේ කථිකාචාර්ය විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාව
භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00 ධර්ම දේශනාව 02
මාතෘකාව : “කොධං ජහෙ විප්පජහෙයය මානං”
“සඤ්ඤෙජනං සබ්බමතික්කමෙයය ”
(ක්‍රෝධ වග්ගයේ 1 වන ගාථාව)

දේශකයානෝ : පුජ්‍ය ආචාර්ය රාජකීය පණ්ඩිත ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පුජ්‍ය කොටියාගල උපරතන හිමි
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපය
මාතෘකාව :කායික මානසික රෝග නිවාරණයට මඟ පෙන්වන සිහිකළ යුතු දස සංඥා.

සහභාගිත්වය : කථිකාචාර්ය පූජ්‍ය කිරම විමලතිස්ස හිමි
ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මැතිතුමා
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහන
මෙහෙයවීම : පූජ්‍ය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි.
ආචාර්ය - කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00 බෝධි පූජාව
මෙහෙයවීම : ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55 සිල් පවාරණය
ප.ව. 06.00නිමාව
කුඩාඇලගමුවේ ඥානසිරි හිමි මහාවිහාරයේ 2018 අධි පොසොන් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති