2018 Vesak Fullmoon Poya Day R...

2018 Vesak Fullmoon Poya Day Religious Programme

වෙසක් පුන් පොහෝ දින දාන ශීල භාවනා
ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2018-04-29)

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 වෙසක් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2018-04-29 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ශීල සමාදානය ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව පූජා කරන ලදී.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ පූජ්‍ය කථිකාචාර්ය ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි විසින් දේශනා කරන ලදී. ධර්ම දේශනාවේ මාතෘකාව ලෙස “මජ්ඣිම නිකායේ අරිය පරියේසන (පාසරාසි) සූත්‍රය” ඇසුරින් ඉතා හරවත් දේශනයක් පවත්වන කරන ලදී.

අනතුරුව ගිහි දේශනාව ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන හා මනෝ උපදේශන අධ්‍යයන අංශයන්හි අංශාධිපති සහකාර මහාචාර්ය සරත් චන්ද්‍රසේකර මහතා විසින් සිදු කරන ලදී. මෙහිදී “බුදුරජාණන් වහන්සේ භාවිත කළ ධර්ම සන්නිවේදන ක්‍රම” පිළිබඳව සාකච්ඡා කරන ලදී.

පෙරවරු 10.30 ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00 සිට දහවල් 12.00 දක්වා උපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භානක පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදී.

අපරභාගයේ ධර්ම දේශනාව දහවල් 1.00 ට අනුරාධපුර බුද්ධශාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය ඇහැලේපොල මහින්ද හිමි විසින් පවත්වන ලදී. එහි මාතෘකාව ලෙස “ධම්මපදයේ බුද්ධ වග්ගයේ 13,14 ගාථා වන,“දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං” යොදාගනිමින් ඉතා සාරවත් ධර්ම දේශනාවක් පවත්වන ලදී.

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, බෞද්ධ ආර්ථික කළමනාකරණය මාතෘකා කරගනිමින් පූජ්‍ය ශාස්ත්‍රවේදී වැල්ලගිරියේ සීලසුමන හිමි ප්‍රධාන ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා සහ ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.

පස්වරු 5.00 ට ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි විසින් බෝධි පූජාව සහ සිල් පවාරනය සිදු කිරීම මගින් වෙසක් පුර පොහෝ දින දාන ශීල භාවනා වැඩසටහනේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරන ලදි.

මෙම පෝ දින ආගමික වැඩසටහන ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදී.

උදෑසන හීල් දානමය හා දහවල් දානමය පුණ්‍ය කර්මය සඳහා දායක වූ සැමටත්, ගිලන්පස පිලියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා කරමි.

වෙසක් පුර පෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්‍රධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී. මෙම කර්තව්‍යය සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාට ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.!

කණුබිච්චියේ රතනජෝති හිමි
වෙසක් පොහෝ දින පොහොය වැඩසටහනේ සම්බන්ධීකාරක