2018 Poson Fullmoon Poya Day R...

2018 Poson Fullmoon Poya Day Religious Programme

පොසොන් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා
ආගමික වැඩසටහන
මහා විහාරය, අනුරාධපුරය
2018-06-27

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 පොසොන් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2018-06-27 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ශීල සමාදානය ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව පූජා කරන ලදී.

ඉන් පසුව උවැසි උවැසියන් සඳහා උදෑසන හීල් දානය පිරිනමන ලදී.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව රත්මල්ගහවැව ශ්‍රී ආලෝකපබ්බතාරාමයේ විහාරාධිපති පූජ්‍ය කිරිගල්වැවේ ඥාණාලෝක නාහිමි විසින් දේශනා කරන ලදී. ධර්ම දේශනාවේ මාතෘකාව ලෙස “මජ්ඣිම නිකායේ චුල්ල හත්ථි පදෝපම සූත්රේය” ඇසුරින් ඉතා හරවත් දේශනයක් පවත්වන ලදී.

අනතුරුව ගිහි දේශනාව ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මැතිතුමා මැතිතුමා විසින් සිදු කරන ලදී. මෙහිදී “මහින්දාගමනයෙන් ඔපවත් වූ ශ්රී ලාංකික ජන ජීවිතය” පිළිබඳව සාකච්ඡා කරන ලදී.

පෙරවරු 10.30 ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00 සිට දහවල් 12.00 දක්වා උපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භානක පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමියන් විසින් පවත්වන ලදී.

අපරභාගයේ ධර්ම දේශනාව දහවල් 1.00 ට ශ්රී ලංකා භික්ෂු විශ්ව විද්යාකලයේ කථිකාචාර්ය පූජ්‍ය ආචාර්ය රාජකීය පණ්ඩිත කරපික්කඩ සෝභිත හිමි විසින් පවත්වන ලදී. එහි මාතෘකාව ලෙස ධම්මපදයේ බුද්ධ වග්ගයේ 10-11 ගාථා වන
“බහුං වේ සරණං යන්ති – පබ්බතානි වනානී ච”
“ආරාම රුක්ඛවෙත්යා නි – මනුස්සා භය තජ්ජිතා”

“නෙතං ඛො සරණං ඛේමං – නෙතං රණමුත්තමං”
“නෙතං සරණ මාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චති”
යොදාගනිමින් ඉතා සාරවත් ධර්ම දේශනාවක් පවත්වන ලදී.

ඉන් අනතුරුව උවැසි උවැසියන් සඳහා ගිලන්පස පිරිනමන ලදී.
ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, මිහිඳු හිමියන්ගේ මුල් ධර්ම දේශනා මාතෘකා කරගනිමින් පූජ්‍ය ආචාර්ය තුඹුල්ලේ සීලකන්ධ නාහිමි, පූජ්‍ය වැල්ලගිරියේ සීලසුමන නාහිමි සහ ශාස්ත්රයපති වඩුගේ කරුණාරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන ශාස්ත්රාවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.

පස්වරු 5.00 ට ශාස්ත්රිවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි විසින් බෝධි පූජාව සහ සිල් පවාරනය සිදු කිරීම මගින් පොසොන් පුර පොහෝ දින දාන ශීල භාවනා වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන ලදි.

මෙම පෝ දින ආගමික වැඩසටහන ශාස්ත්රමපති සම්පත් රුවන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදී.

හීල් දානය දහවල් දානය සහ ගිලන්පස යන දානමය පුණ්ය් කර්ම සඳහා දායක වූ සැමටත්, නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්යා්නුමෝදනා කරමි.

පොසොන් පුර පෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්රකධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී. මෙම කර්තව්යසය සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාට ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ප්රා ර්ථනා කරමි.!

පූජ්‍ය පහල තලාවේ සුමනසිරි හිමි
පොසොන් පොහෝ දින
පොහොය වැඩසටහනේ සම්බන්ධීකාරක
( Ven. Pahala Thalawe Sumanasiri Thero)