2018 Binara Fullmoon Poya Day ...

2018 Binara Fullmoon Poya Day Religious Programme

බිනර පුන් පො‍හෝ දින දාන ශීල භාවනා
ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2018-09-24)

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 බිනර පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2018-09-24 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කිරින්දේ ඥානදර්ශන හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ශීල සමාදානය ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව පූජා කරන ලදී.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති
විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත මල්වානේ චන්දරතන හිමි විසින් දේශනා කරන ලදී. ධර්ම දේශනාවේ මාතෘකාව ලෙස මජ්ඣිම නිකායේ රාජ වග්ගය “පිය ජාතික සූත්‍රය” ඇසුරින් ඉතා හරවත් දේශනයක් පවත්වන කරන ලදී.

අනතුරුව ගිහි දේශනාව ශ්‍රී ලංකා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ජේ බී දිසානායක මහතා විසින් සිදු කරන ලදී. මෙහිදී “ශ්‍රී මහාබෝධිය හා තදානුබද්ධ සංස්කෘතිය ” පිළිබඳව සාකච්ඡා කරන ලදී.

no images were found

පෙරවරු 10.30 ට බුද්ධ පූජාව පවත්වන ලදී. පෙරවරු 11.00 සිට දහවල් 12.00 දක්වා උපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී. දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භානක පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදී.

no images were found

අපරභාගයේ ධර්ම දේශනාව දහවල් 1.00 ට ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය දර්ශනපති කිරම විමලතිස්ස හිමි විසින් පවත්වන ලදී. එහි මාතෘකාව ලෙස “ධම්මපදයේ බාල වග්ගයේ 10 වන ගාථාව වන,
“මධුවා මංඤ්ඤතී බාලෝ”
“යාව පාපං න පච්චතී”
යොදාගනිමින් ඉතා සාරවත් ධර්ම දේශනාවක් පවත්වන ලදී.

no images were found

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය,”බුද්ධ කාරක ධර්ම ලෙස සීල, නෙක්ඛම්ම, පාරමිතා” මාතෘකා කරගනිමින් ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත මල්වානේ චන්දරතන හිමි ප්‍රධාන කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ජේ බී දිසානායක මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා සහ ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

no images were found

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.

පස්වරු 5.00 ට ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි විසින් බෝධි පූජාව සහ සිල් පවාරනය සිදු කිරීම මගින් බිනර පුන් පොහෝ දින දාන ශීල භාවනා වැඩසටහනේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරන ලදි.

මෙම පෝ දින ආගමික වැඩසටහන ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදී

උදෑසන හීල් දානමය හා දහවල් දානමය පුණ්‍ය කර්මය සඳහා දායක වූ සැමටත්, ගිලන්පස පිලියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා කරමි.

බිනර පුන් පොහෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්‍රධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී. මෙම කර්තව්‍යය සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාට ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.!

කණුබිච්චියේ රතනජෝති හිමි
බිනර පුන් පොහෝ දින පොහොය වැඩසටහනේ සම්බන්ධීකාරක