2019 Nawam Fullmoon Poya Day R...

2019 Nawam Fullmoon Poya Day Religious Programme

නවම් පුන් පොහෝ දින දාන ශීල භාවනා
ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2019-02-19)

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ2019නවම් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2019-02-19 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව ඉතාමත් භක්ත්යාහදරයෙන් යුතුව සිදු කරන ලදී.

ඉන්පසුව උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන හීල් දානය පවත්වන්නට යෙදිනි.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව: අංගුත්තර නිකායේ තික නිපාතයේ “අමාතාපුත්තික භය සූත්රිය” යන මැයෙන් ඉතාමත් හරවත් හා සාරවත් ධර්ම දේශනයක් පවත්වන්නට යෙදිනි. දේශකයානෝ ශ්රීම ලංකා පාලි විශ්ව විද්යාතලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්යේ විජිතපුර ගුණරතන හිමියන් මෙම දේශනය ඉතාමත් විචිත්ර්වත් ලෙස පවත්වනට යෙදිනි.

අනතුරුව ගිහි දේශනාව`උපොසථය හා උපොසථ අට්ඨාගං සීලය’ යන මැයෙන් හරවත් දේශනයක් දහම් සරසවියේ කථිකාචාර්ය ශාස්ත්රසපති වඩුගේ කරුණාරත්න මැතිතුමා විසින් පවත්වන්නට යෙදිනි.

පෙරවරු 10.30ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00සිට දහවල් 12.00දක්වාඋපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාවභාණක පූජ්ය් රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදි.

අපර භාගයේ ධර්ම දේශනය ප.ව. 1.00ට ශ්රීය ලංකා භික්ෂු විශ්වවිද්යා ලයෙහි කථිකාචාර්ය ශාස්ත්ර පති පූජ්ය” විල්ගමුවේ පියනන්ද හිමියන් විසින්, මාතෘකාවලෙස
“යෙසං සම්බෝධි අංගේසු – සම්මා චිත්තං සුභාවිතං”
(ධම්ම පදයේ පණ්ඩිත වග්ගයේ 14වන ගාථාව)ඇසුරු කරගනිමින් සාරවත් දම් දෙසුමක් පවත්වන්නට යෙදුනි. ඉන් අනතුරුව එම දේශනාවට අදාළ ප්රභශ්න සාකචිඡා කිරීම සිදුකරන ලදි.
ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, දර්ශනපතිපූජ්යි වැල්ලගිරියේ සීලසුමන හිමි,ශාස්ත්රරපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා සහ ශාස්ත්ර පති වඩුගේ කරුණාරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන්
ඛන්තී පාරමිතාව යන මාතෘකාව යටතේ සැමගේ සිත් ගන්නා අයුරින් ඉතාමත් හරවත්ව පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන කිරළෝගම සුබෝධි මහා විද්යාහලයේ ආචාර්යශාස්ත්රාවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.
ප.ව. 05.00 ට බෝධි පූජාවශාස්ත්රවපති පූජ්ය කෙහෙල්වල රේවත හිමියන් විසින් පවත්වා සිල් පවාරණය සිදු කරන ලදි.
2019 වසරේ නවම් පුන් පොහෝ දින අනුරාධපුර මහා විහාරයේ දාන ශීල භාවනාවැඩ සටහන පස්වරු හයට නිමාවිය.
නවම් පුන් පොහෝ දින මහා විහාරය මගින් පවත්වන්නට යෙදුනු දාන ශීලභාවනාවැඩසටහන සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන සහ දහවල් දානයත් ගිලන්පසත් සැපයූ පින්වතුන් සියලු දෙනාටත් ආගමික වැඩ සටහන වෙනුවෙන් නන් අයුරින් අපහටදායකත්වය සැපයුසැමටත්සකල ලෝකවාසීන්ටත්ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදයලැබේවායි ආශිර්වාද පෙරදැරිව ප්රාටර්ථනා කරමි.!

පූජය කණුබිචිචියේ රතනජෝති හිමි
මහා විහාරයේ 2019නවම් පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකාරක