2019 බක් පුන් ...

2019 බක් පුන් පොහෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන

බක් පුන් පොහෝ දින දාන ශීල භාවනා
ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2019-04-19)

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ2019බක් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2019-04-19 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව ඉතාමත් භක්ත්යාහදරයෙන් යුතුව සිදු කරන ලදී.

ඉන්පසුව උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන හීල් දානය පවත්වන්නට යෙදිනි.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව“මජ්ජිම නිකායේ මූල පණ්නාසකයේ රථවිනීත සූත්ර ය”ඇසුරින් ඉතාමත් හරවත්ව හා සාරවත්ව පවත්වන ලද්දේ කැළණිය විශ්ව විද්යාථලයේ පාලි හා බෙaද්ධ අධ්යතයන පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂණ සහකාර, ශ්රී‍ ජයවර්ධනපුර විශ්ව විද්යා ලයේ බාහිර කථිකාචාර්ය පූජ්යප විලේගොඩ සිරිවිමල හිමි විසිනි.

අනතුරුව ගිහි දේශනාව“බුදු දහමින් මග පෙන්වන පෞර්ෂ සංවර්ධනය” යන මාතෘකාව යටතේ පවත්වන ලද්දේ පෞර්ෂ සංවර්ධන හා ව්යා පාර සංවර්ධන උපදේශක මංජු ශ්රී” පාලිත මැතිතුමා විසිනි.

පෙරවරු 10.30ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00සිට දහවල් 12.00දක්වාඋපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භානක පූජ්ය0 රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදී.

අපරභාගයේ ධර්ම දේශනාව දහවල් 1.00 ට“යොගා වෙ ජායතී භූරී – අයොගො භූරි සංඛයෝ”(ධම්මපදයේ මග්ග වග්ගයේ 10 වන ගාථාව) ඇසුරින් ධර්මදේශනාව ඉතාමත් සාරවත්ව පවත්වනට යෙදුනේ ශ්රීප ලංකා භික්ෂු විශ්ව විද්යාාලයේ කථිකාචාර්ය, ශාස්ත්රනපති පූජ්යව විල්ගමුවේ පියනන්ද හිමියන් විසිනි. ඉන් අනතුරුව ධර්ම දේශනාවට අදාළ ප්රකශ්ණ සාකච්ජා කිරීම සිදු කරන ලදි.

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, දර්ශනපති පූජ්යද විලේගොඩ සිරිවිමල හිමි, ශාස්ත්රූපති වඩුගේ කරුණාරත්න මැතිතුමාසහ ශාස්ත්රපපති සම්පත් රුවන් බණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙන් මෛත්රීක පාරමිතාව යන මාතෘකාව යටතේ සැමගේ සිත් ගන්නා අයුරින් ඉතාමත් හරවත්ව පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන කිරළෝගම සුබෝධි මහා විද්යාරලයේ ආචාර්යශාස්ත්ර වේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.

පස්වරු 5.00 ට ශාස්ත්රැවේදී පූජ්ය කෙහෙල්වල රේවත හිමි විසින් බෝධි පූජාව සහ සිල් පවාරනය සිදු කිරීම මගින් උඳුවප් පුන් පොහෝ දින දාන ශීල භාවනා වැඩසටහනේ සම්ප්රාහප්තිය සනිටුහන් කරන ලදි.

පොහෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පූජ්යශ පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්රකධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී.සිරිත් පරිදි ආගමික වැඩසටහන මෙහෙයවීම සිදුකරන ලද්දේ ශාස්ත්ර්පති සම්පත් රුවන් බණ්ඩාර මහතා විසිනි.

උදෑසන හීල් දානය හා දහවල් දානමය පුණ්යද කර්මය සඳහා දායක වූ සැමටත්, ගිලන්පස පිලියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්යාමනුමෝදනා කරමි. අඛන්ඩව සෑම පොහෝ දිනකම ගිලන්පස පිළියෙල කිරීම සිදුකරන කුමාරි බාලසූරිය මැතිණියට සහ මහජන බැංකුවේ සේවයේ නියුතු දීපාල් මහතා ඇතුලු උදව් උපකාර කළ සැමටත් විශේෂ ස්තුතිය පුද කරමි.

බක් පුන් පොහෝ දින මහා විහාරයේ පවත්වන්නට යෙදුනු දාන ශීලභාවනාවැඩසටහන සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලා සහආගමික වැඩ සටහන වෙනුවෙන් නන් අයුරින් අපහටදායකත්වය සැපයුසැමටත්මහා විහාරයේ සේවය් නියුතු සියලුම පොලිස් නිලධාරී මහතුන්ටත් සකල ලෝකවාසීන්ටත්ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ආශිර්වාද පෙරදැරිව ප්රාපර්ථනා කරමි.!

පූජ්යාආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

පූජ්ය කුඩාඇලගමුවේ ඥාණසිරි හිමි
මහා විහාරයේ 2019බක් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකාරක