2019 Vesak Fullmoon Poya Day R...

2019 Vesak Fullmoon Poya Day Religious Programme

වෙසක් පුන් පොහෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2019-05-18)

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ2019වෙසක් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2019-05-18 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමියන් විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව ඉතාමත් භක්ත්යාහදරයෙන් යුතුව සිදු කරන ලදී.

ඉන්පසුව උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන හීල් දානය පවත්වන්නට යෙදිනි.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව“මජ්ජිම නිකායේ උපටි පණ්නාසකයේ අච්ඡරිත අබ්භූත සුත්‍රය” ඇසුරින් ඉතාමත් සිත්ගන්නා අයුරින් හරවත්ව හා සාරවත්ව පවත්වන ලද්දේ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බෞද්ධ දර්ශනය පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අක්මීමන ධම්මපාල හිමියන් විසිනි.

අනතුරුව ගිහි දේශනාව“බුදුරජාණන් වහන්සේගේ ආගමික සහනසීලීභාවය” යන මාතෘකාව යටතේ පවත්වන ලද්දේ ප්‍රවීන පුවත්පත් කලාවේදී තිඹිරියාගම බණ්ඩාර මැතිතුමා විසිනි.

පෙරවරු 10.30ට බුද්ධ පූජාව පවත්වන ලදී.

පෙරවරු 11.00සිට දහවල් 12.00දක්වාඋපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භානක පුජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදී.

අපරභාගයේ ධර්ම දේශනාව දහවල් 1.00 ට“දුල්ලභෝ පුරිසජඤේඤ -නසො සබ්බත්ත ජායති“(ධම්මපදයේ බුද්ධ වග්ගයේ 15 වන ගාථාව) ඇසුරින්, ධර්මදේශනාව ඉතාමත් සාරවත්ව පවත්වනට යෙදුනේ ගෞරව ශාස්ත්‍රවේදී පුජ්‍ය මිද්දෙණියේ ධම්මික හිමියන් විසිනි. ඉන් අනතුරුව ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ජා කිරීම සිදු කරන ලදි.

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, කථිකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පුජ්‍ය කරපික්කඩ සෝභිත හිමි, ශාස්ත්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමාසහ ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මැතිතුමාගේ සහභාගීත්වයෙන් ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාව යන මාතෘකාව යටතේ සැමගේ සිත් ගන්නා අයුරින් ඉතාමත් හරවත්ව පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන කිරළෝගම සුබෝධි මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.

පස්වරු 5.00 ට ශාස්ත්‍රවේදී පුජ්‍ය කෙහෙල්වල රේවත හිමි විසින් බෝධි පූජාව සහ සිල් පවාරනය සිදු කිරීම මගින් වෙසක් පුන් පොහෝ දින දාන ශීල භාවනා වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන ලදි.

වෙසක් පොහෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්‍රධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී.සිරිත් පරිදි ආගමික වැඩසටහන මෙහෙයවීම සිදුකරන ලද්දේ ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා විසිනි.

උදෑසන හීල් දානය හා දහවල් දානමය පුණ්යත කර්මය සඳහා දායක වූ සැමටත්, ගිලන්පස පිලියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා කරමි. අඛන්ඩව සෑම පොහෝ දිනකම ගිලන්පස පිළියෙල කිරීම සිදුකරන කුමාරි බාලසූරිය මැතිණියට සහ මහජන බැංකුවේ සේවයේ නියුතු දීපාල් මහතා ඇතුලු උදව් උපකාර කළ සැමටත් විශේෂ ස්තුතිය පුද කරමි.

වෙසක් පුන් පොහෝ දින මහා විහාරයේ පවත්වන්නට යෙදුනුදාන ශීලභාවනාවැඩසටහන සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලා සහආගමික වැඩ සටහන වෙනුවෙන් නන් අයුරින් අපහටදායකත්වය සැපයුසැමටත්මහා විහාරයේ සේවය් නියුතු සියලුම පොලිස් නිලධාරී මහතුන්ටත් සකල ලෝකවාසීන්ටත්ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ආශිර්වාද පෙරදැරිව ප්‍රර්ථනා කරමි.!

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති