2019 Poson Fullmoon Poya Day R...

2019 Poson Fullmoon Poya Day Religious Programme

පොසොන් පුන් පොහෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2019-06-16)

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 පොසොන්පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2019-06-16 වන දින උදෑසන හයට මහාවිහාරවාසී ගල්වදුවගම ධම්මානන්ද හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව ඉතාමත් ගෞරව පෙරදැරිව සිදු කරන ලදී.

ඉන්පසුව උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන හීල් දානය පවත්වන්නට යෙදිනි.

අනතුරුව “බුදු දහමින් හෙලි කෙරෙන ආර්යය මාර්ගයේ අනුපුර්ව ප්‍රතිපදාව ”ඇසුරින්පෙරවරු ධර්ම දේශනාවඉතාමත් හරවත්ව හා සාරවත්ව පවත්වන ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි ආචාර්ය පුජ්‍ය මල්වානේ චන්දරතන නාහිමියන් විසිනි.

අනතුරුව ගිහි දේශනාව“මහින්දාගමනයෙන් ඔපචත් ශ්‍රී ලාංකික ජන ජීවිත” යන මාතෘකාව යටතේ ඉතාමත් සිත්ගන්නා අයුරින් පවත්වන ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ මහාචාර්ය කමල් වලේබොඩ මැතිතුමා විසිනි.

පෙරවරු 10.30ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00සිට දහවල් 12.00දක්වාඋපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භානක පුජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදී.

අපරභාගයේ ධර්ම දේශනාව දහවල් 1.00 ට(ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ 10 සහ 11 වන ගාථාව) ඇසුරින් පවත්වනට යෙදුනේ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්යා්ලයේ ශාස්ත්‍රපති පුජ්‍ය වලත්වැවේ සුනන්ද හිමියන් විසිනි. ඉන් අනතුරුව ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ජා කිරීම සිදු කරන ලදි.

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, පුජ්‍ය ආචාර්ය ඇත්කදුරේ සුමනසාර හිමි, පුජ්‍ය ආචාර්ය මල්වානේ චන්දරතනහිමි,ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමාසහ ආචාර්ය අත්තනායක එම් හේරත් මැතිතුමා යන අයගේ සහභාගීත්වයෙන් මිහිදු හිමියන්ගේ ධර්ම දූත කුසලතාව යන මාතෘකාව යටතේ පවත්වන්නට යෙදිනි.

පස්වරු 5.00 ට ශාස්ත්‍රවේදී පුජ්‍ය කෙහෙල්වල රේවත හිමි විසින් බෝධි පූජාව සහ සිල් පවාරනය සිදු කිරීම මගින් පොසොන් පුන් පොහෝ දින මහා විහාරයේ දාන ශීල භාවනා වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන ලදි.

පොහෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්‍රධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී.සිරිත් පරිදි ආගමික වැඩසටහන මෙහෙයවීම සිදුකරන ලද්දේ ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා විසිනි.

උදෑසන හීල් දානය හා දහවල් දානමය පුණ්‍ය කර්මය සඳහා දායක වූ සැමටත්, ගිලන්පස පිලියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා කරමි. අඛන්ඩව සෑම පොහෝ දිනකම ගිලන්පස පිළියෙල කිරීම සිදුකරන කුමාරි බාලසූරිය මැතිණියට සහ මහජන බැංකුවේ සේවයේ නියුතු දීපාල් මහතා ඇතුලු උදව් උපකාර කළ සැමටත් විශේෂ ස්තුතිය පුද කරමි.

පොසොන් පුන් පොහෝ දින මහා විහාරයේ පවත්වන්නට යෙදුනු දාන ශීලභාවනාවැඩසටහන සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලා සහආගමික වැඩ සටහන වෙනුවෙන් නන් අයුරින් අපහටදායකත්වය සැපයුසැමටත්මහා විහාරයේ සේවය් නියුතු සියලුම පොලිස් නිලධාරී මහතුන්ටත් සකල ලෝකවාසීන්ටත්ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ආශිර්වාද පෙරදැරිව ප්‍රර්ථනා කරමි.!

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති