Program of the 2019 Esala Poya...

Program of the 2019 Esala Poya Day

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 ඇසළ පුන් පො‍හෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන

2019-07-16

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ ඇසළ පුන් පො‍හෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම ඇසළ මස 16 දින පෙ.ව. 06.00 සිට ප.ව. 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ඇසළ පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමඵව විහාරවාසී පුජ්‍ය කණුබිචිචියේ රතනජෝති හිමියන් සංවිධානය කරති.

පෙ.ව. 06.00අටසිල් සමාදන්වීම
පෙ.ව. 06.30බුද්ධ පූජාව
පෙ.ව. 07.00හීල් දානය
පෙ.ව. 08.00 ධර්ම දේශනාව – 01“අංගුත්තර නිකායේ පඥ්ඤවුද්ධි සුත්‍රය ”

දේශකයානෝ : දර්ශනපති පුජ්‍ය වව්නියාවේ පඥ්ඤාසේකර හිමි
(අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය)
පෙ.ව. 09.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම

පෙ.ව. 09.15 ගිහි දේශනයමාතෘකාව : වස්සාන සමය හා බෞද්ධ ජීවිත

දේශක : ශාස්ත්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා
පෙ.ව. 10.30බුද්ධ පුජාව
පෙ.ව. 11.00දහවල් දානය සඳහා විවේකය
දහවල් 12.00ජාතක කතා දේශනාවභාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි
ප.ව. 01.00ධර්ම දේශනාව - 02මාතෘකාව : “පථවන ඒක රජ්ජේන
සග්ගස්ස ගමනේනවා”
(ධම්මපදයේ ලෝක වග්ගයේ 11 වන ගාථාව)

දේශකයානෝ : කථිකාචාර්ය, ආචාර්ය පුජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය අනුරාධපුර
ප.ව. 02.00ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම
ප.ව. 02.15ගිලම්පස විවේකය
ප.ව. 02.45දම්සභා මණ්ඩපයමාතෘකාව : උපේක්ඛා පාරමිතාව


සහභාගිත්වය : දර්ශනපති පුජ්‍ය වැල්ලගිරියේ සීලසුමන හිමි
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා
ශාස්ත්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා
ප.ව. 04.00භාවනා වැඩ සටහනමෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි.

ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය
ප.ව. 05.00බෝධි පූජාවමෙහෙයවීම : ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි
ප.ව. 05.55සිල් පවාරණය
ප.ව. 06.00නිමාව

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

පුජ්‍ය කණුබිච්චියේ රතනජෝති හිමි මහා විහාරයේ 2019 ඇසළ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.