2019 Nikini Fullmoon Poya Day ...

2019 Nikini Fullmoon Poya Day Religious Programme

නිකිනි පුන් පොහෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2019-08-14)

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ2019නිකිනිපුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2019-08-14 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව පෙරවරු 06.30ට ඉතාමත් භක්ත්යාොදරයෙන් යුතුව සිදු කරන ලදී.

පෙරවරු 07.00 ට උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන හීල් දානය පවත්වන්නට යෙදිනි.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාවඋදෑසන 08.00 ට ‟මජ්ජිම නිකායේ චූල ගෝපාල සූත්ර ය” ඇසුරින් කැළණිය විශ්ව විද්යා ලයේ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය පුජ්‍ය රාජකීය පණ්ඩිත දර්ශනපති විලේගොඩ සිරිවිමල හිමියන් විසින් ඉතාමත්ම හරවත්ව පවත්වන්නට යෙදිනි.

පෙරවරු 09.15 ට ගිහි දේශනාව`පිරිපුන් මිනිසකු බිහිකර ගැනීමට බුදු සමයෙන් ලැබෙන මග පෙන්වීම ’ යන මැයෙන් හරවත් දේශනයක් ශාස්ත්රිපති ප්රිපයන්ත ඇල්ලප්පෙරුම මැතිතුමා විසින් පවත්වන්නට යෙදිනි.

පෙරවරු 10.30ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00සිට දහවල් 12.00දක්වාඋපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාවභාණක පූජ්ය් රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදි.

පස්වරු 01.00ට
අපර භාගයේ ධර්ම දේශනය ශ්රී0 ලංකා භික්ෂු විශ්වවිද්යාරලයෙහි පුජ්‍ය දර්ශනපති කිරම විමලතිස්ස හිමියන් විසින්, මාතෘකාවලෙස“අචිරං වතයං කායෝ පඨවිං අධි සෙස්සති”(ධම්ම පදයේ චිත්ත වග්ගයේ 07වන ගාථාව)ඇසුරු කරගනිමින් සාරවත් දම් දෙසුමක් පවත්වන්නට යෙදුනි. ඉන් අනතුරුව එම දේශනාවට අදාළ ප්රනශ්න සාකචිඡා කිරීම සිදුකරන ලදි.

පස්වරු 02.15ට ගිලම්පස විවේකයද

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපයශාස්ත්රමපති ප්රි යන්ත ඇල්ලප්පෙරුම මැතිතුමා,ශාස්ත්ර්පති වඩුගේ කරුණාරත්න මැතිතුමාසහ ත්රිශපිටකාචාර්ය පද්මකුමාර මැතිතුමාගේ සහභාගිත්වයෙන්
සත්තිස් බෝධි පාක්ෂික ධර්ම, සතර සති පට්ඨානය යන මාතෘකාව යටතේ සැමගේ සිත් ගන්නා අයුරින් ඉතාමත් හරවත්ව පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන කිරළෝගම සුබෝධි මහා විද්යාාලයේ ආචාර්යශාස්ත්රනවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.
පස්වරු05.00 ට බෝධි පූජාවශාස්ත්රෝපති පුජ්‍ය කෙහෙල්වල රේවත හිමියන් විසින් පවත්වා පස්වරු05.55ට සිල් පවාරණය සිදු කරන ලදි.

2019 වසරේ නිකිනි පුන් පොහෝ දින අනුරාධපුර මහා විහාරයේ දාන ශීල භාවනාවැඩ සටහන පස්වරු හයට නිමාවිය.
නිකිනි පුන් පොහෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්රනධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී.
සිරිත් පරිදි ආගමික වැඩසටහන මෙහෙයවීම සිදුකරන ලද්දේ ශාස්ත්රසපති සම්පත් රුවන් බණ්ඩාර මහතා විසිනි.

පොහෝ දින උදෑසන හීල් දානය හා දහවල් දානමය පුණ්යර කර්මය සඳහා දායක වූ සැමටත්, ගිලන්පස පිලියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්යාලනුමෝදනා කරමි. අඛන්ඩව සෑම පොහෝ දිනකම ගිලන්පස පිළියෙල කිරීම සිදුකරන කුමාරි බාලසූරිය මැතිණියට සහ මහජන බැංකුවේ සේවයේ නියුතු දීපාල් මහතා ඇතුලු උදව් උපකාර කළ සැමටත් විශේෂ ස්තුතිය පුද කරමි.

නිකිනි පුන් පොහෝ දින මහා විහාරයේ පවත්වන්නට යෙදුනු දාන ශීලභාවනා වැඩසටහන සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලා සහ ආගමික වැඩ සටහන වෙනුවෙන් නන් අයුරින් අපහටදායකත්වය සැපයුසැමටත් මහා විහාරයේ සේවයේ නියුතු සියලුම පොලිස් නිලධාරී මහතුන්ටත් සකල ලෝකවාසීන්ටත්ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ආශිර්වාද පෙරදැරිව ප්රා ර්ථනා කරමි.!

පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

පුජ්‍ය කුඩා ඇලගමුවේ ඥානසිරි හිමි
මහා විහාරයේ 2019නිකිනි පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකාරක