Program of the 2019 Vap Poya Day
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 වප් පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන
2019-10-13
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ වප් පුන් පොහෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම වප් මස 13 දින පෙ.ව. 06.00 සිට ප.ව. 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. වප් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමඵව විහාරවාසී පුජ්‍ය මොරගොල්ලේ සිරිරතන හිමියන් සංවිධානය කරති.
පෙ.ව. 06.00 | අටසිල් සමාදන්වීම | |
පෙ.ව. 06.30 | බුද්ධ පූජාව | |
පෙ.ව. 07.00 | හීල් දානය | |
පෙ.ව. 08.00 | ධර්ම දේශනාව – 01 | මාතෘකාව:”පුණ්ණරත්ති සූත‍්‍රය” උදානපාලියේ මේඝීය වග්ගයේ පුණ්ණරත්ති සූත‍්‍රය යක්ඛ පහාර සූත‍්‍රය) හෝ සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ නළකලාප සූත‍්‍රය දේශකයානෝ : පූජ්‍ය කරම්බන්කුලමේ සිරිධම්ම හිමි (රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙන්හි ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ) |
පෙ.ව. 09.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
පෙ.ව. 09.15 | ගිහි දේශනය | මාතෘකාව : බෞද්ධ කර්ම සංකල්පය හා සමාජ සදාචාරය? දේශක: ආචාර්ය ලලිත් අබේසේකරමැතිතුමා (මධ්‍යම පළාත් පිරිවෙන් ගුරු උපදේශක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ශ්‍රී සංඝරාජ මහා පිරිවෙන්හි ආචාර්ය) |
පෙ.ව. 10.30 | බුද්ධ පුජාව | |
පෙ.ව. 11.00 | දහවල් දානය සඳහා විවේකය | |
දහවල් 12.00 | ජාතක කතා දේශනාව | භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි |
ප.ව. 01.00 | ධර්ම දේශනාව - 02 | මාතෘකාව : ”සහස්ස මපිවේගාථා - අනත්තපද සංහිතා” (සහස්ස වග්ගයේ දෙවන ගාථාව) දේශකයාණෝ: පූජ්‍ය ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමි ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති අභයගිරි චෛත්‍යරාමාධිකාරී |
ප.ව. 02.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
ප.ව. 02.15 | ගිලම්පස විවේකය | |
ප.ව. 02.45 | දම්සභා මණ්ඩපය | මාතෘකාව : සතර සෘද්ධිපාද ධර්ම සහභාගිත්වය :පූජ්‍ය දර්ශනපති කිරම විමලතිස්ස හිමි ශාස්ත‍්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා ශාස්ත‍්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා |
ප.ව. 04.00 | භාවනා වැඩ සටහන | මෙහෙයවීම : ශාස්ත්රපති ඉපලව පේමානන්ද හිමි. ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය |
ප.ව. 05.00 | බෝධි පූජාව | මෙහෙයවීම : ශාස්ත්රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි |
ප.ව. 05.55 | සිල් පවාරණය | |
ප.ව. 06.00 | නිමාව |
පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති
පුජ්‍ය මොරගොල්ලේ සිරිරතන හිමි මහා විහාරයේ 2019 වප් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.