2019 Vap Fullmoon Poya Day Religious Programme
වප් පුන් පොහෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන, මහා විහාරය, අනුරාධපුරය
(2019-10-13)
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 වප් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2019-10-13 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව පෙරවරු 06.30ට ඉතාමත් ගෞරවයෙන් යුතුව සිදු කරන ලදී.
පෙරවරු 07.00 ට උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන ආහාරයපිරිනැමීම සිදුකරන්නට යෙදුනි.
අනතුරුව පෙරවරු ධර්ම දේශනාවඋදෑසන 08.00 ට ‟උදානපාලියේ මේඝීය වග්ගයේ පුණ්ණරත්ති
සූත්රුය” ඇසුරින් රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙන්හි ජ්යෙපෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්රදපති රාජකීය පණ්ඩිත පුජ්‍ය කරම්බන්කුලමේ සිරිධම්ම හිමියන් විසින් ඉතාමත් විචිත්රාවත්ව පවත්වන්නට යෙදිනි.
පෙරවරු 09.15 ට ගිහි දේශනාව`බෞද්ධ කර්ම සංකල්පය හා සමාජ සදාචාරය’ යන මැයෙන් හරවත් දේශනයක් මධ්යම පළාත් පිරිවෙන් ගුරු උපදේශක ශාස්ත්රිපති ලලිත් අබේසේකර මැතිතුමා විසින් සිදු කරන ලදි.
පෙරවරු 10.30ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00සිට දහවල් 12.00දක්වාඋපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.
දහවල් 12.00 ට ජාතක කතා දේශනාවභාණක පුජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදි.
පස්වරු 01.00ට
අපර භාගයේ ධර්ම දේශනය ශ්රී0 ලංකා භික්ෂු විශ්වවිද්යාරලයෙහි බෞද්ධ අධ්යනයන අංශයේ අංශාධිපති අභයගිරි චෛත්යා රාමාධිකාරී පුජ්‍ය ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමියන් විසින්, මාතෘකාවලෙස“සහස්ස මපිවේගාථා අනත්තපද සංහිතා (සහස්ස වග්ගයේ දෙවන ගාථාව) ඇසුරු කරගනිමින් සාරවත් දම් දෙසුමක් පවත්වන්නට යෙදුනි. ඉන් අනතුරුව එම දේශනාවට අදාළ ප්රිශ්න සාකචිඡා කිරීම සිදුකරන ලදි.
පස්වරු 02.15ට ගිලම්පස විවේකයද
ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය පුජ්‍ය දර්ශනපති කිරම විමලතිස්ස හිමි,ශාස්ත්රනපති වඩුගේ කරුණාරත්න මැතිතුමාසහ ශාස්ත්රයපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමාගේසහභාගිත්වයෙන්
සතර සෘද්ධිපාද ධර්ම, යන මාතෘකාව යටතේ සැමගේ සිත් ගන්නා අයුරින් ඉතාමත් හරවත්ව පැවැත්වුණි.
පස්වරු 4.00 ට භාවනා වැඩසටහන කිරළෝගම සුබෝධි මහා විද්යාේලයේ ආචාර්යශාස්ත්රවවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.
පස්වරු05.00 ට බෝධි පූජාවශාස්ත්රෝපති පුජ්‍ය කෙහෙල්වල රේවත හිමියන් විසින් පවත්වා පස්වරු05.55ට සිල් පවාරණය සිදු කරන ලදි.
2019 වසරේ වප්පුන් පොහෝ දින අනුරාධපුර මහා විහාරයේ දාන ශීල භාවනාවැඩ සටහන පස්වරු හයට නිමාවිය.
සිරිත් පරිදි ආගමික වැඩසටහන මෙහෙයවීම සිදුකරන ලද්දේ ශාස්ත්රසපති සම්පත් රුවන් බණ්ඩාර මහතා විසිනි.
පොහෝ දින උදෑසන හීල් දානය හා දහවල් දානමය පුණ්යර කර්මය සඳහා දායක වූ සැමටත්, ගිලන්පස පිලියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා කරමි. අඛන්ඩව සෑම පොහෝ දිනකම ගිලන්පස පිළියෙල කිරීම සිදුකරන කුමාරි බාලසූරිය මැතිණියට සහ මහජන බැංකුවේ සේවයේ නියුතු දීපාල් මහතා ඇතුලු උදව් උපකාර කළ සැමටත් විශේෂ ස්තුතිය පුද කරමි.
වප් පුන් පොහෝ දින මහා විහාරයේ පවත්වන්නට යෙදුනු දාන ශීලභාවනා වැඩසටහන සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලා සහ ආගමික වැඩ සටහන වෙනුවෙන් නන් අයුරින් අපහටදායකත්වය සැපයුසැමටත් මහා විහාරයේ සේවයේ නියුතු සියලුම පොලිස් නිලධාරී මහතුන්ටත් සකල ලෝකවාසීන්ටත්ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ආශිර්වාද පෙරදැරිව ප්රාලර්ථනා කරමි.!
පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති
පුජ්‍ය මොරගොල්ගේ සිරිරතන හිමි
මහා විහාරයේ 2019වප් පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකාරක