2019 ill Fullmoon Poya Day Religious Programme
ඉල් පුන් පොහෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2019-11-12)
ඵෙතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 ඉල් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2019-11-12 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිචිචියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ආරම්භ කරන ලදි. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව පෙරවරු 06.30 ට ඉතාමත් ගෞරවයෙන් යුතුව සිදු කරන්නට යෙදුනි.
පෙරවරු 07.00 ට උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන ආහාරය පිරිනැමීම සිදුකරන්නට යෙදුනි.
අනතුරුව පෙරවරු ධර්ම දේශනාව උදෑසනන 08.00 ට සංයුක්ත නිකායේ සලාතන වග්ගයේ ආදිත්‍ය පරියාය සූත්‍රය ඉතාමත් විචිත්‍රවත් ලෙස පැවැත්වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක පූජ්‍ය රඹාවැවේ පාලිත හිමියන් විසිනි.
පෙරවරු 09.15 ට ගිහි දේශනාව සාර්ථක ගිහි ජීවිතයක් ගොඩනගා ගන්නේ කෙසේද යන මාතෘකාව යටතේ මහ මෝදර ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා විසින් ඉතා හරවත් අයුරින් පවත්වන ලදි.
පෙරවරු 10.30 ට බුද්ධ පූජාව පවත්වන ලදි.
පෙරවරු 11.00 සිට දහවල් 12.00 දක්වා උපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදි.
දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භාණක පූජ්‍ය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදි.
පස්වරු 01.00 ට අපර භාගයේ ධර්ම දේශනය ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දංගහවැවේ වජිර හිමි විසින් යෝ වේ ගාථා සතං භාසේ – අනන්තපද සංහිතා යන මාතෘකාව යටතේ සාරවත් දම්දෙසුමක් පවත්වන්නට යෙදිනි. ඉන් අනතුරුව එම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදුකරන ලදි.
පස්වරු 02.15 ට ගිලම්පස විවේකයද ගිලන්පද විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා සහ ශාස්ත්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමාගේ සහභාගිත්වයෙන් පංච ඉන්ද්රිය ධර්මතා හා පංච බල ධර්ම යන මාතෘකාව යටතේ සැමගේ සිත් ගන්නා අයුරින් ඉතාමත් හරවත්ව පැවැත්වුණි.
පස්වරු 4.00 ට භාවනා වැඩසටහන කිරළෝගම සුබෝධි මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදි.
පස්වරු 05.00 ට බෝධි පූජාව ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමියන් විසින් පවත්වා පස්වරු 05.55 ට සිල් පවාරණය සිදු කරන ලදි.
2019 වසරේ ඉල් පුන් පොහෝ දින අනුරාධපුර මහා විහාරයේ දාන ශීල භාවනා වැඩ සටහන පස්වරු හයට නිමාවිය.
ඉල් පුන් පොහෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් ප්‍රධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්ථකව සිදු කරන ලදි.සිරිත් පරිදි ආගමික වැඩසටහන මෙහෙයවීම සිදුකරන ලද්දේ ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා විසිනි.
පොහෝ දින උදෑසන හීල් දානය හා දහවල් දානමය පුන්‍ය කර්මය සදහා දායක වූ සැමටත්, ගිලන්පස පිළියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගි වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා කරමි. අඛන්ඩව සෑම පොහෝ දිනකම ගිලන්පස පිළියෙල කිරීම සිදුකරන කුමාරි බාලසූරිය මැතිණියට සහ මහජන බැංකුවේ සේවයේ නියුතු දීපාල් මහතා ඇතුලු උදව් උපකාර කළ සැමටත් විශේෂ ස්තුතිය පුද කරමි.
ඉල් පුන් පොහෝ දින මහා විහාරයේ පවත්වන්නට යෙදුනු දාන ශීල භාවනා වැඩසටහන සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී සියළුම ස්වාමින් වහන්සේලා සහ ආගමික වැඩ සටහන වෙනුවෙන් නන් අයුරින් අපහට දායකත්වය සැපයූ සැමටත් මහා විහාරයේ සේවයේ නියුතු සියලුම පොලිස් නිලධාරි මහතුන්ටත් සකල ලෝකවාසීන්ටත් ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ආශිර්වාද පෙරදැරිව ප්‍රාර්ථනා කරමි. !
පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති
පූජ්‍ය කිරින්දේ ඥානදස්සන හිමි
මහා විහාරයේ 2019 ඉල් පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකාරක