Program of the 2019 Unduwap Poya Day
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 උඳුවප් පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන
2019-12-11
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ උඳුවප් පුන් පොහෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම උඳුවප් මස 11 දින පෙ.ව. 06.00 සිට ප.ව. 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. උඳුවප් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමඵව විහාරවාසී පුජ්‍ය පහළතලාවේ සුමනසිරි හිමියන් සංවිධානය කරති.
පෙ.ව. 06.00 | අටසිල් සමාදන්වීම | |
පෙ.ව. 06.30 | බුද්ධ පූජාව | |
පෙ.ව. 07.00 | හීල් දානය | |
පෙ.ව. 08.00 | ධර්ම දේශනාව – 01 | මාතෘකාව:“සෝමා සුත්‍රය”(සංයුක්ත නිකායේ භික්ඛුණී සංයුක්තය) දේශකයානෝ : පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධනාහිමි ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍ය වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක |
පෙ.ව. 09.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
පෙ.ව. 09.15 | ගිහි දේශනය | මාතෘකාව : දුමින්දාගමනයෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකික සංස්කෘතිය දේශක : මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මැතිතුමා |
පෙ.ව. 10.30 | බුද්ධ පුජාව | |
පෙ.ව. 11.00 | දහවල් දානය සඳහා විවේකය | |
දහවල් 12.00 | ජාතක කතා දේශනාව | භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි |
ප.ව. 01.00 | ධර්ම දේශනාව - 02 | මාතෘකාව : “යො චෙ ගාථා සතං භාසේ - අනත්ථපද සංහිතා” (ධම්මපදයේ සහස්ස වග්ගයේ 3 ගාථාව) දේශකයාණෝ: පූජ්‍ය කුඹුගොඩ ආරේ පඤ්ඤාලෝක හිමි කථිකාචාර්ය ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය |
ප.ව. 02.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
ප.ව. 02.15 | ගිලම්පස විවේකය | |
ප.ව. 02.45 | දම්සභා මණ්ඩපය | මාතෘකාව : සත්ත බොජ්ඣංග ධර්ම සහභාගිත්වය: පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි පූජ්‍ය කුඹුගොඩ ආරේ පඤ්ඤාලෝක හිමි. මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මැතිතුමා ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්නමැතිතුමා |
ප.ව. 04.00 | භාවනා වැඩ සටහන | මෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි. ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය |
ප.ව. 05.00 | බෝධි පූජාව | මෙහෙයවීම : ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි |
ප.ව. 05.55 | සිල් පවාරණය | |
ප.ව. 06.00 | නිමාව |
පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති
පුජ්‍ය පහළතලාවේ සුමනසිරි හිමි මහා විහාරයේ 2019 උඳුවප් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.