2019 Unduwap Fullmoon Poya Day...

2019 Unduwap Fullmoon Poya Day Religious Programme

උදුවප් පුන් පොහෝ දින දාන ශීල භාවනා ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය

(2019-12-11)

ඵෙතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 උදුවප් පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2019-12-11 වන දින උදෑසන හයට මහාවිහාරවාසී පුජ්‍ය පහළතලාවේ සුමනසිරි හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ආරම්භ කරන ලදි. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව පෙරවරු 06.30 ට ඉතාමත් ගෞරවයෙන් යුතුව සිදු කරන්නට යෙදුනි.

පෙරවරු 07.00 ට උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන ආහාරය පිරිනැමීම සිදුකරන්නට යෙදුනි.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව උදෑසනන 08.00 ට සංයුක්ත නිකායේ භික්ඛුණී සංයුක්තයේ “සෝමා සූත්‍රය” ඇසුරින් ඉතාමත් විචිත්‍රවත්ව හා හරවත් ලෙස පැවැත්වූයේ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යය වයඹ පලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් විසිනි. ඉන්පසුව ධර්ම දේශනාවට අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදුකරන ලදි.

පෙරවරු 09.15 ට ගිහි දේශනාව දුමින්දාගමනයෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකික සංස්කෘතිය යන මැයෙන් මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා විසින් සැමගේ සිත් ගන්නා අයුරින් ඉතා විචිත්‍රවත්ව පවත්වන ලදි.

පෙරවරු 10.30 ට බුද්ධ පූජාව පවත්වන ලදි.

පෙරවරු 11.00 සිට දහවල් 12.00 දක්වා උපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදි.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භාණක පූජ්‍ය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදි.

පස්වරු 01.00 ට අපර භාගයේ ධර්ම දේශනය ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය කුඹුගොඩආරේ පඤ්ඤාලෝක හිමි විසින් ධම්මපදයේ සහස්ස වග්ගයේ 3 වන ගාථාව ඇසුරින් “යෝ වේ ගාථා සතං භාසේ – අනන්තපද සංහිතා” යන මාතෘකාව යටතේ සාරවත් දම්දෙසුමක් පවත්වන්නට යෙදිනි. ඉන් අනතුරුව එම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදුකරන ලදි.

පස්වරු 02.15 ට ගිලම්පස විවේකයද ගිලන්පද විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය පූජ්‍ය කුඹුගොඩආරේ පඤ්ඤාලෝක හිමි, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මැතිතුමා, සහ ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් සත්ත බොජ්ඡංග ධර්ම යන මාතෘකාව යටතේ සැමගේ සිත් ගන්නා අයුරින් ඉතාමත් හරවත්ව පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන කිරළෝගම සුබෝධි මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදි.

පස්වරු 05.00 ට බෝධි පූජාව ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමියන් විසින් පවත්වා පස්වරු 05.55 ට සිල් පවාරණය සිදු කරන ලදි.

2019 වසරේ උදුවප් පුන් පොහෝ දින අනුරාධපුර මහා විහාරයේ දාන ශීල භාවනා වැඩ සටහන පස්වරු හයට නිමාවිය.

උදුවප් පුන් පොහෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් ප්‍රධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්ථකව සිදු කරන ලදි.

සිරිත් පරිදි ආගමික වැඩසටහන මෙහෙයවීම සිදුකරන ලද්දේ ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා විසිනි.

පොහෝ දින උදෑසන හීල් දානය හා දහවල් දානමය පුන්‍ය කර්මය සදහා දායක වූ සැමටත්, ගිලන්පස පිළියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගි වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා කරමි. අඛන්ඩව සෑම පොහෝ දිනකම ගිලන්පස පිළියෙල කිරීම සිදුකරන කුමාරි බාලසූරිය මැතිණියට සහ මහජන බැංකුවේ සේවයේ නියුතු දීපාල් මහතා ඇතුලු උදව් උපකාර කළ සැමටත් විශේෂ ස්තුතිය පුද කරමි.

උදුවප් පුන් පොහෝ දින මහා විහාරයේ පවත්වන්නට යෙදුනු දාන ශීල භාවනා වැඩසටහන සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී සියළුම ස්වාමින් වහන්සේලා සහ ආගමික වැඩ සටහන වෙනුවෙන් නන් අයුරින් අපහට දායකත්වය සැපයූ සැමටත් මහා විහාරයේ සේවයේ නියුතු සියලුම පොලිස් නිලධාරි මහතුන්ටත් සකල ලෝකවාසීන්ටත් ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ආශිර්වාද පෙරදැරිව ප්‍රාර්ථනා කරමි. !

එසේම ලබන්නාවූ 2020 නව වසර සකල ලෝ වැසි සැමට ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබී සාමය සතුට සෞභාග්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවායි සුභාශිංසනය කරමි.

පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති

පුජ්‍ය පහළතලාවේ සුමනසිරි හිමි
මහා විහාරයේ 2019 උදුවප් පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකාරක