Program of the 2020 Duruthu Poya Day
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2020 දුරුතු පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන
2020-01-10
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ දුරුතු පුන් පොහෝ දිනදාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම දුරුතු මස 10 දින පෙ.ව. 06.00 සිට ප.ව. 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. දුරුතු පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමඵව විහාරවාසී පුජ්‍ය කණුබිච්චියේ රතනජෝති හිමි හිමියන් සංවිධානය කරති.
පෙ.ව. 06.00 | අටසිල් සමාදන්වීම | |
පෙ.ව. 06.30 | බුද්ධ පූජාව | |
පෙ.ව. 07.00 | හීල් දානය | |
පෙ.ව. 08.00 | ධර්ම දේශනාව – 01 | මාතෘකාව:ධනංජානි සුත්‍රය (මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකය) දේශකයානෝ : පූජ්‍ය දර්ශනපති විජිතපුර ගුණරතන හිමි ශ්‍රී ලංකා කැළණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය |
පෙ.ව. 09.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
පෙ.ව. 09.15 | ගිහි දේශනය | මාතෘකාව : ජීවියා පිළිබඳ බුදුදහමේ එන ඉගැන්වීම් ජීව විද්‍යාත්මක ඇසින් දේශක : ප්‍රවීන ජීව විද්‍යා උපදේශක තිස්ස ජනනායක මැතිතුමා |
පෙ.ව. 10.30 | බුද්ධ පුජාව | |
පෙ.ව. 11.00 | දහවල් දානය සඳහා විවේකය | |
දහවල් 12.00 | ජාතක කතා දේශනාව | භාණක : පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි |
ප.ව. 01.00 | ධර්ම දේශනාව - 02 | මාතෘකාව :“වනං ජින්දථ මා රුක්ඛං...........” (ධම්මපදයේ මාර්ග වග්ගයේ 11 ගාථාව) දේශකයාණෝ: පූජ්‍ය දර්ශනපති කිරම විමලතිස්ස හිමි කථිකාචාර්ය ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය |
ප.ව. 02.00 | ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම | |
ප.ව. 02.15 | ගිලම්පස විවේකය | |
ප.ව. 02.45 | දම්සභා මණ්ඩපය | මාතෘකාව : ආර්ය අෂ්ඨාංගික මාර්ගය සහභාගිත්වය: පූජ්‍ය දර්ශනපති වැල්ලගිරියේ සීලසුමන හිමි ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්නමැතිතුමා ප්‍රවීන ජීව විද්‍යා උපදේශක තිස්ස ජනනායක මැතිතුමා |
ප.ව. 04.00 | භාවනා වැඩ සටහන | මෙහෙයවීම : ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි. ආචාර්ය – කිරළෝගම සුබෝධි මහා විද්‍යාලය |
ප.ව. 05.00 | බෝධි පූජාව | මෙහෙයවීම : ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි |
ප.ව. 05.55 | සිල් පවාරණය | |
ප.ව. 06.00 | නිමාව |
පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති
පුජ්‍ය කණුබිච්චියේ රතනජෝති හිමි හිමි මහා විහාරයේ 2020 දුරුතු පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරයි.