කොරෝනා රෝගය මව්බිමෙන් දුරු වේවායි ප්‍රර්ථනා කරමින් රටපුරා පවත්වනු ලබන රතන සූත්‍ර දේශනාව
මේ දිනවල රතන සූත්‍ර දේශනාව අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය අභියස සහ ස්වර්ණමාලී මහා සෑ මලුවේ දිනපතා පවත්වනු ලබයි.
නොවැම්බර් මස 08 වන දින හවස 5 සිට 6 දක්වා අටමස්ථානයේ සියළුම මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් විශේෂ රතන සූත්‍ර දේශනාව ජය ශ්‍රී මහා බෝධිය අභියස සහ ස්වර්ණමාලී මහා සෑ මලුවේ සජ්ජායනා කරනු ලැබේ.
එදින ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි සියළුම ප්‍රධාන විහාරස්ථානවල මෙම සූත්‍ර දේශනාව පවත්වා මෙම වසංගතය ඉතා ඉක්මනින් අප රටින් දුරු වේවායි ප්‍රර්ථනා කරනු ලැබේ.
මෙයට සමගාමීව හින්දු, මුස්ලිම්, කතෝලික ආගම්වලද ඔවුන්ගේ ආශිර්වාද පූජා සිදු කරනු ලැබේ.
මෙම පුණ්‍ය කර්මය අගමැතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා පැවැත්වේ.